

ලොවම කොවිඩ් හමුවේ භීතියට පත්ව ඇති මොහොතක ගාසා තීරයේ යුද ගැටුම් තවත් දරුණු වෙයි
ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇති යුද ගැටුම් තවත් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස තත්ත්වය දරුණු අතට හැරුණේ පසුගියදා ජෙරුසෙලම ඇතුළු ඊශ්‍රායලය එල්ල කරමින් ප්‍රහාර දියත් වීමත් සමගයි.
මේ අතර ගාසා තිරයට එල්ල වූ ප්‍රහාරයකින් මහල් 13ක ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන් කඩා වැටුණු අතර එම අවස්ථාවේ කිසිදු පුද්ගලයෙක් එම ගොඩනැගිල්ලේ නොසිටි බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට එම ගැටුම්වලින් 53 දෙනෙක් මියගොස් තිබෙනවා.