ලොව දරුණු ගණනයේ අපරාධකරුවන් 800කට වැඩි පිරිසක් APP එකක් හරහා කොටු කරගත් මෙහෙයුම (VIDEO)

ලොව දරුණු ගණනයේ අපරාධකරුවන් 800කට වැඩි පිරිසක් APP එකක් හරහා කොටු කරගත් මෙහෙයුම (VIDEO)

ජංගම දුරකතන යෙදුමක් නැතිනම් ඇප් එකක් භාවිතා කරමින් ඉතා සූක්‍ෂමව ලොව දරුණු ගණයේ අපරාධකරුවන් 800කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර බුද්ධි අංශයන්ට හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

FBI ආයතනය, ඕස්ට්‍රේලියානු පොලිසිය, යුරෝපෝල් ආයතනය මෙම මෙහෙයුමට විශාල දායකත්වයක් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය මාෆියාව ලොව පුරා රටවල ඉතා සුක්ෂමව දියත් කරමින් විවිධ අපරාධවල නියැලුණු පුද්ගලයින් වේ.

මෙම මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය, ආයුධ, සුඛෝපභෝගී වාහන සහ විශාල මුදල් ප්‍රමාණයක් ද තම භාරයට ගැනීමට ජාත්‍යන්තර බුද්ධි අංශය සමත්ව තිබෙනවා.

මෙයට කොකේන් ටොන් අටක්, තුවක්කු 250 ක් සහ ලොව පුරා භාවිතා වන විවිධ මුදල් හා ඩොලර් මිලියන 34 ට වැඩි මුදල් ප්‍රමාණයක්ද තිබෙන බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කියා සිටියේ මෙම මෙහෙයුම ලොව පුරා සංවිධානාත්මක අපරාධවලට එරෙහිව දැඩි පහරක් එල්ල කර ඇති බවයි.

Share This