ලොව ප්‍රථම පාවෙන අහස් තටාකය (PHOTOS)

ලොව ප්‍රථම පාවෙන අහස් තටාකය (PHOTOS)

ලොව ප්‍රථම පාවෙන අහස් තටාකය පිළිබඳව නවතම විස්තර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අහස් තටාකය ඇත්තේ බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර වන අතර මෙය ජනතාවට විවෘත කර තිබෙන්නේ ඉකුත් 19 වන දින බවයි වාර්තා වන්නේ.

විනිවිද පෙනෙන මෙම තටාකය නිරිතදිග ලන්ඩනයේ නයින් එල්ම්ස් හි සුඛෝපභෝගී මහල් නිවාස දෙකක් අතර 10 වන මහලේ පොළොවට අඩි 115 ක් ඉහළින් පිහිටා තිබෙනවා.

පිහිනුම්කරුවන්ට මෙන්ම සෑම දෙනාටම නවමු අත්දැකීමක් බවටයි මෙය වාර්තා වන්නේ.

මීටර 25 ක් දිග, මීටර් 5 ක් පළල සහ මීටර් 3 ක් ගැඹුරකින් යුත් මෙම තටාකයේ සුන්දර දසුන් පහතින් දක්වා තිබෙනවා.

 

 

 

 

 

Share This