ලොව පුරා කොවිඩ් ආසාදිත මරණ ගණන ලක්ෂ තිස් අට ඉක්මවයි – තවමත්  වැඩිම මරණ අමෙරිකාවෙන්

ලොව පුරා කොවිඩ් ආසාදිත මරණ ගණන ලක්ෂ තිස් අට ඉක්මවයි – තවමත් වැඩිම මරණ අමෙරිකාවෙන්

ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දාහත් කෝටි අසූ හය ලක්‍ෂය (178,659,577) ඉක්මවා ගොස් තිබෙනවා.

ලොව රටවල් සහ පාලන බල ප්‍රදේශ 220ක ව්‍යාප්ත වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව තිස් අට ලක්ෂය (3,868,349) ඉක්මවා ඇත.

වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවේ මේ වන විට මිය ගිය ගණන 616,920ක්

එමෙන්ම මේ වන විට ලොව පුරා පුද්ගලයින් 163,177,072 පිරිසක් පූර්ණ සුවය ලබා සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර තවමත් ආසාදිතයින් බහුලව වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර ඉන්දියාව සහ බ්‍රසීලය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානයේ පසුවනවා.

Share This