

වත්තල ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක ජල කප්පාදුවක්
අනිද්දා (26) පෙරවරු 10 සිට පැය විසි හතරක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි දන්වා තිබෙන්නේ.
ඒ අනුව වත්තල – මීගමුව පාරේ කොටසකට සහ මාබෝල ප්‍රදේශයේ කොටසකට මෙන්ම වැලිකඩමුල්ල, හැඳල පාර – නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ගවලට මෙලෙස ජලසැපයුම අත්හිටු වීමට නියමිතයි.
තවද අල්විස් ටවුම, මරදාන පාර, පුවත්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකටද ජල සැපයුම අත්හිටුවන බව ද ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.