වසරකට නව ව්‍යවසායකයින් 50,000ක් – “Hope 4 Sri Lanka” ජාතික වැඩපිළිවෙල  ඇරඹෙයි

වසරකට නව ව්‍යවසායකයින් 50,000ක් – “Hope 4 Sri Lanka” ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” නවතම වැඩසටහන පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩසටහන ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර මේ හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බිහිකිරීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ව්‍යවසායක නවකයින් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගැනීම සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව, මේ සදහා තරුණ තරුණියන් දිස්ත්‍රික් මට්ටමින් පවත්වන සම්මුඛ පරීක්ෂණ හරහා තෝරාගනු ලබන අතර, තෝරාගත් කණ්ඩායම් සදහා දින 05 ක ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා දීම සිදු  කෙරෙනවා .

වයස අවුරුදු 18 ත් 45 ත් අතර පිළිගත් උසස් අධ්‍යාපන මට්ටමක් හෝ වෘත්තීය නිපුණතා සහතිකයක් හිමි, තමාගේම ව්‍යාපාරයක් පිළිබඳව පැහැදිලි ඉලක්කයක් සහිත තරුණ තරුණියන්ට මේ සදහා ඉදිරිපත් විය හැකියි.

විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ ව්‍යවසායකයින් නිර්මාණය කිරීමේදී ඔවුන්ට අවශ්‍ය මූලික දැනුමේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීම, වෙළඳපොළ සොයාගැනීම හා විවිධ අවපාතයන්හි දී නොවැටි ව්‍යාපාරය පවත්වාගැනීම දක්වා තරුණ තරුණියන් දැනුමින් ශක්තිමත් කරමින් නිරන්තර නිරීක්ෂණවලට ලක්කිරීම මෙහිදී සිදු  වනවා .

 

Share This