වැලිසර පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ සොරකමක්

වැලිසර පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ සොරකමක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැලිසර පිහිටි පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරණ ද්‍රව්‍ය සොරා ගත් බවට සැක කරන ගුවන් හමුදා සැරයන්වරයකු,නාවික හමුදා සුළු නිලධාරියකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගුවන් හමුදා විනය අධ්‍යක්ෂවරයා කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ බවයි.

සොරාගත් ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 70 ක් දැනට සොයාගෙන ඇති අතර ඒවා ගල් වැඩපළවලට විකුණා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Share This