විදෙස් චිත්‍රපට, මෝස්තර සහ ඇඳුම් සහිත වැඩසටහන් විකාශය තහනම් කළ රටක් –  බැලුවොත් දැඩි දඬුවම්

විදෙස් චිත්‍රපට, මෝස්තර සහ ඇඳුම් සහිත වැඩසටහන් විකාශය තහනම් කළ රටක් – බැලුවොත් දැඩි දඬුවම්

විදේශීය චිත්‍රපට, මොස්තර සහ ඇඳුම් සහිත වැඩසටහන් විකාශය කිරීම වළක්වමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් නව තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි අරමුණ වන්නේ උතුරු කොරියානුවන් භාහිර ලෝකයේ තොරතුරු ලබා ගැනීම වැළැක්වීම බවයි වාර්තා වන්නේ.

තරණ ප්‍රජාව වෙනත් රටවල සංස්කෘතීන් වැළඳ ගැනීම වැළැක්වීම සඳහා උතුරු කොරියානු නායකයා එම තීරණය ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව විදෙස් රටවල සිනමා පට සහ DVD පට නරඹන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කිම් ජොන් උන්ග් විශේෂ ඒකකයක් ද පිහිටුවා තිබෙනවා.

ඒ අනුව උතුරු කොරියාවේ ජනතාවට රටේ නායකයින්ට අවශ්‍ය දේ පමණක් ඇසීමට දැකීමට අවසර ලැබී තිබෙනවා.

Share This