

විනය කැඩූ ධනුෂ්කට වෙච්ච දේ
ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීතිරීති කඩකිරීම සම්බන්ධයෙන් අවවාද කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයකර තිබෙනවා.
ඒ කොදෙව් ඉනිමේ 35 වන පන්දුවාරය යැවූ ධනුෂ්ක ගුණතිලක එම පන්දුවාරයේදී නිකලස් පූරන්ව දවාගැනීමෙන් අනතුරුව විනය විරෝධී අයුරින් හැසිරීම හේතුවෙනි.
මේ අතර ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පසුගියදා පැවැත් තෙවැනි එක්දින තරගයේදී නියමිත පන්දුවාර ප්‍රමාණය නියමිත කාලය තුළ අවසන් නොකිරීම සම්බන්ධයෙන් ද දඩයක් පනවා තිබෙනවා.
තරගයට ලැබෙන මුදලින් 40% එලෙස අඩු කර ඇති බව වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා – කොදෙව් තුන්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව යවා නිමකිරීමට ප්‍රමාද කිරීම හේතුවෙන් එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ රිචී රිචඩ්සන් ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා ගොනුකර තිබෙනවා.
පන්දුවාර යැවීම ප්‍රමාද කිරීමේ චෝදනා නැවත විමසීමකින් තොරව පිළිගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කිරීම හේතුවෙන් එම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන තරග මුදලින් සියයට 40ක දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණයකර තිබෙනවා.