

විරෝධතාවයකදී තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිගේ සුව දුක් බැලීමට ගිය ඇමති
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ සුවදුක් විමසීම සඳහා අද (4) රෝහලට ගොස් තිබෙනවා
මේ වනවිට ජනකාන්ත මහතා ශල්‍යකර්මයට මුහුණ දීමෙන් පසු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා
අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩල සාමාජිකයන් විසින් ඊයේ (3) පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුකළ විරෝධතාවයේ ඇතිවූ සිද්ධියකදී අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදු වීමෙන් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කෙරුණා
විනාඩි 10ක පමණ කාලයක් එහි රැඳී සිටි අමාත්‍යවරයා ස්ථානාධිපතිවරයාට ඉක්මන් සුවය පතා පිටව ගොස් තිබෙනවා