

ශ්‍රි ලංකාවෙන් ශක්තිමත් ආරම්භයක්
ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (20 ) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
අද තරගයට ඉසුරු උදාන වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ආරම්භක පිතිකරුවන් වන මිනෝද් භානුක සහ අවිශ්ක ප්‍රනාන්දු ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇති අතර ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 12 ක් තුළ ලකුණු 70 ක් ලබාගෙන තිබෙනවා.