

ශ්‍රී ලංකාවේ දැවැන්තම පානීය ජල යෝජනා ක්‍රමය හෙට ජනතා අයිතියට
දිවයිනේ දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය හෙට(28) වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
රුපියල් මිලියන 31,000 ක් (රු.මි. තිස්එක් දහසක්) වැය කර සම්පූර්ණ කර ඇති මෙම විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ නව ජල සම්බන්ධතා 90,000 ක් පමණ ලබාදීමට හැකියාව ඇති අතර මේ තුලින් පිරිසිදු පානීය ජලය ලබාගන්නා සමස්ථ පවුල් සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහස ඉක්මවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
පිරිසිදු පානීය ජලය ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටි මාතලේ රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලේපොල, අඹන්ගඟ කෝරළය සහ නාවුල යන ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාවට මෙයින් විශේෂ සහනයක් හිමිවනවා.
ජනතා අයිතියට පත් කරන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ අඹන්ගඟ, උකුවෙල සහ උඩතැන්න යන ජල ව්‍යාපෘති 03 ක් විවෘත කෙරෙනවා.