

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා දුන් තුන්දෙනෙක් ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා තෝරාගැනීමට අදාළ නිලවරණය සඳහා නාමයෝජනා භාරදුන් ඒ. කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන් තමන් එම තනතුරු සඳහා තරඟ නොකරන බව පවසනවා
ඒ. කේ. මතිවානන් මහතා සභාපති ධුරයටත්, බන්දුල වර්ණපුර මහතා උප සභාපති ධුරයත් සහ නිශාන්ත රණතුංග මහතා ලේකම් ධුරය සඳහාත් නාමයෝජනා ඉදිරිපත් කර තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “නිලවරණ කමිටුව” වෙත ලිපියක් යවමින් ඔවුන් සිය ස්ථාවරය දන්වා දන්වා තිබෙනවා.