

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ‘නවාතැන් ගත් හෝටලය ගැන’ ගත් තීරණය
ඉන්දීය කණ්ඩායම සමග එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් කොළඹ වෙනත් හෝටලයකට මාරුකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල මෙතෙක් රැඳී සිට ඇත්තේ එකම හෝටලයකයි.
ශ්‍රී ලංකා පිලේ නිලධාරීන් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීමෙන් පසුව හෝටලය මාරු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.