ශ්‍රී ලංකා තරගය ‘නරඹන්න’ එංගලන්තය දුන් අවසරය

ශ්‍රී ලංකා තරගය ‘නරඹන්න’ එංගලන්තය දුන් අවසරය

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (23) කාර්ඩිස්හිදී ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 11.00ට ආරම්භ වනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට 2018 වසරේදී විස්සයි විස්ස තරගයකදී එංගලන්ත කණ්ඩායම මුණ ගැසුණු අතර එහිදී ලකුණු 30ක තරග පරාජයක් අත්විඳීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු වුණා.

එංගලන්තය ජාත්‍යන්තර විස්සයි විස්ස කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව එහි අට වැනි ස්ථානයේ පසුවනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් පෙරේරාට හිමිව ඇති අතර එංගලන්ත කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ඉයන් මෝගන්ට හිමිව තිබෙනවා.

මේ අතර දෙරට අතර පැවැත්වන විස්සයි විස්ස තරගාවලිය සහ එක්දින තරගාවලිය නැරඹීම සඳහා සීමිත පේ‍්‍රක්ෂක පිරිසකට අවසර දීමට එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එසේ වුවහොත් කොරෝනා ව්‍යාප්තියෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායම පේ‍්‍රක්ෂක පිරිසක් ඉදිරියේ තරගයක් කී‍්‍රඩා කරන පළමු අවස්ථාව මෙය වනු ඇති.

ශී‍්‍ර ලංකා සංචිතය –

කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අවිෂ්ක ප‍්‍රනාන්දු, ඕෂධ ප‍්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලන්ක, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, බිනුර ප‍්‍රනාන්දු, නුවන් ප‍්‍රදීප්, ශිරාන් ප‍්‍රනාන්දු, ප‍්‍රවීන් ජයවික‍්‍රම, අසිත ප‍්‍රනාන්දු, ඉෂාන් ජයරත්න.

එංගලන්ත සංචිතය –

ඉයන් මෝගන් (නායක), මොයින් අලී, ජොනතන් බෙයාර්ස්ටෝ, සෑම් බිලින්ග්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩෝසන්, ක‍්‍රිස් ජෝර්දාන්, ලියම් ලිවිංස්ටෝන්, ඬේවිඞ් මාලන්, අදිල් රෂීඞ්, ජේසන් රෝයි, ඬේවිඞ් විලී, ක‍්‍රිස් වෝක්ස්, මාක් වුඞ්

Share This