

සංගක්කාරට ලැබුණු අලුත් තනතුර
කුමාර් සංගක්කාර මහතාට කැරිබියන් ප්රීමියර් ලීග් (CPL) ක්රිකට් තරගාවලියේ ප්රධානතම කණ්ඩායමක් වන ‘බාබඩෝස් රෝයල්’ කණඩායමේ ක්රිකට් අධ්යක්ෂ ලෙස කටයුතු කිරීමට එම කණ්ඩායමේ හිමිකාරීත්වය ආරාධනා කර තිබෙනවා.
එම ආරාධනය කුමාර් සංගක්කාර විසින් පිළිගෙන ඇති අතර CPL තරගාවලිය අගෝස්තු මස 26 වැනි දින සිට සැප්තැම්බර් මස 15 දක්වා පැවැත්වීමට නියමිතයි.
මීට පෙර මෙම කණ්ඩායම නම් කර තිබුණේ බාබඩෝස් ට්රයිඩන්ස් ලෙසයි.
කෙසේ වෙතත් මෙම කණ්ඩායමේ හිමිකාරීත්වය IPL රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ හිමිකරු විසින් මිලදී ගැනීමත් සමඟ කණ්ඩායමේ නාමය ‘බාබඩෝස් රෝයල්’ ලෙස වෙනස් කෙරුණා.
රාජස්ථාන් රෝයල් (IPL) කණ්ඩායමේ ක්රිකට් අධ්යක්ෂ ධුරය දරන්නේද කුමාර් සංගක්කාර විසිනි.