

සංචාරක කටයුතු, සැප්තැම්බර් මස සිට ?
චීන රජය තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.
එම එන්නත් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL – 869 සහ UL – 865 ගුවන් යානා අද (27) උදෑසන 5.30ට කොළඹ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
චීන තානාපති, චී චෙන්ග් හොන්ග් (Qi Zhen Hong) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එන්නත් නිල වශයෙන් භාරදීම අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා .
මෙම එන්නත්වලට අමතරව සිලින්ජර තොගයක් ද පරිත්‍යාග කර තිබෙනවා.
මෙම එන්නත් උතුරු – නැගෙනහිර පළාත්වල වයස අවුරුදු 30ට වැඩි ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ දී භාවිත එන්නත්වලින් 72%ක් සයිනොෆාම් වනවා.
පසුගිය මාර්තු 31 වන දින සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක්, මැයි 26 වන දින ලක්ෂ 5ක් සහ අද දින ලද මාත්‍රා ලක්ෂ 16ත් සමග සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 27ක් පරිත්‍යාග කරමින් කොවිඩ් මර්දනයට චීන රජය ලබාදුන් සහාය බෙහෙවින් අගය කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
අගෝස්තු මස අවසන් වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට හැකි වෙතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා සංචාරක කටයුතු, සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීමට හැකි වෙතැයි සඳහන් කළා.
එම නිසා චීන ජනතාවට නැවතත් මෙරට සංචාරයට ඇරයුම් කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.