සංචාරක ශ්‍රී ලංකා පිල හා කොදෙව්වන් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා පිල හා කොදෙව්වන් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද ආරම්භ වනවා.

පළමු තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි එක්දින තරඟය ලබන 12 වනදාද, තෙවැනි එක්දින තරඟය ලබන 14 වනදා ද පැවැත්වෙනු ඇති.

දෙවැනි තරඟයද මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වන නමුත්, තෙවැනි තරඟය රාත්‍රී 11ට ආරම්භ වන්නේ දිවා රාත්‍රී තරඟයක් ලෙසයි.

කොදෙව් තරඟ සංචාරය ආරම්භ කරමින් පැවති 20යි 20 තරගාවලිය පසුගියදා නිමාවට පත්වුණේ සත්කාරක කොදෙව් කණ්ඩායමට තරග 2 – 1ක ජයක් හිමි කර දෙමින්.

එක්දින තරගාවලියෙන් පසුව දෙරට අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

 

Share This