

සචිත්රගේ වත්කම් හොයයි
නිමාවූ LPL තරඟාවලියේ සිදුවූ බව කියන තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්ර සේනානායක අද උදෑසන 8.30ට නැවතත් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණියා.
පැය 10 ක ප්‍රශ්න කිරීමකින් අනතුරුව සචිත්ර පිටතට පැමිණි අතර ඔහුට දින 14ක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයා දැනුම් දී ඇත්තේ