

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් පෙරහැර ගමන් අරඹයි
සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් පෙරහැර දිවයින පුරා වීදි සංචාරය කිරීම අද (අගෝස්තු 8) දින උදෑසන සුභ මොහොතින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ කෙරුණා.
මාර්ග සැලැස්මට අනුව, මෙම පූජනීය වස්තූන් රැගත් පෙරහැර, පිත්තල හංදිය, හෝටන් පෙදෙස, බොරැල්ල, නාරාහේන්පිට හරහා කිරුළපන, හැව්ලොක් ටවුන්, ඩුප්ලිකේෂන් පාර, ගල්කිස්ස, වැල්ලවත්ත හරහා දෙහිවල, මැලිබන් හන්දිය යන ප්‍රදේශ හරහා පලමු දින නැවතුම් ස්ථානය වන බෙල්ලන්විල රජමහා විහාරස්ථානය දක්වා ගමන් කරනු ඇති.
පූජනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකරනු කෙරෙනවා .