

සමාජ දුරස්ථභාවය උල්ලංඝනය කරමින් ‘නිලධාරිනියක් සිපගත්’ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා.
තම කාර්යාලයේ නිලධාරිනියක් සිප ගනිමින් සමාජ දුරස්ථභාවය උල්ලංඝනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අගමැතිවරයා වෙත ලිපියක් යවමින් ඔහු කියා සිටියේ, “මෙම වසංගතයේදී මෙතරම් කැපකිරීම් කළ පුද්ගලයින්ට අපි ණයගැති නිසා අවංකව කටයුතු කිරීමට රජය නියෝජනය කරන තමන් බැඳී සිටින බවයි.”
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ ඉල්ලා අස්වීම ලැබීම ගැන කණගාටු වන බවයි.