

සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් මෙරටට
චීනයේ සයිනොෆාම් එන්නත් මාත්රා ලක්ෂ 20ක් අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
ශ්රි ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් මෙම එන්නත් මාත්රා තොගය ගෙනැවිත් තිබෙනවා.
සයිනොෆාම් පළමු මාත්රාව ලබාගෙන ඇති පුද්ගලයින්ගේ දෙවන මාත්රාව ලබාදීම සඳහා මෙම එන්නත් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.