

සරුංගල් යවමින් සිටි දරුවෙකුට අත්වුණු ඉරණම
තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ, 9 හැවිරිදි දරුවෙක් සරුංගල් යවමින් සිටිය දී වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දරුවා බොහෝ වේලාවක් නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් ඔහු සොයා ගොස් ඇති අතර, සරුංගලයේ නූල දැක වගා ළිඳ තුළ පරීක්ෂා කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඥාති පුද්ගලයෙක් ළිඳට බැස බැලීමේ දී දරුවා අඩි 20ක් පමණ ගැඹුරු වගා ළිං පත්ලේ සිර වී සිට ඇති අතර, අනතුරුව ඔහු තඹුත්තේගම මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනුත් ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.