

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් “නාඩගම්කාරයෝ “රූගත කරන ස්ථානයේ සිට දුන් පණිවිඩය(VIDEO)
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අද (28) නාඩගම්කාරයෝ රූගත කරන කිරිඳිවැල නිස්සරණ වනය ආශ්රිත ප්‍රදේශයට ගොස් විශේෂ පණිවිඩයක් ලබා දුන්නා.
ඒ , රූගත කිරීම් නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන්.
කොවිඩ් ව්‍යසනය නිසා කණ්ඩායම් වශයෙන් පැමිණීම නොකළ යුතු බවයි පත්තරේ වැඩසටහනින් මතක් කර සිටියේ
මෙහිදී කලා ශිල්පින් කිහිපදෙනෙක් ද කතාබහට එක්වුණා.
එහිදී ඔවුන්ද පවසා සිටියේ “අපට ඇති ආදරය නිසා පැමිණියත් පරිසරය විනාශ කරන්න එපා ,එමෙන්ම සෞඛ්‍ය නීති අනුගමනය කරන්න “යනුවෙනුයි
ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිව්.ඩී. බණ්ඩාරනායක මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ නාඩගම්කාරයෝ නාට්‍යයට ආදරය කරනවා සේම ඔබේ ජීවිතයටත් ආදරය කරන්න යනුවෙනුයි
එමෙන්ම විනයානුකුලව හැසිරෙන ලෙසත් සෞඛ්‍ය නීති අනුගමනය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.