

සිඩ්නි නුවර කොවිඩ් පාලනයට හමුදා සහාය ලබා ගැනේ
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ කටයුතු සඳහා හමුදා සහාය ලබගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තවෙමින් පවතින සිඩ්නි නුවර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති නිසාවෙනි.
පවතින තත්වය හමුවේ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරිමට බලධාරීන් තීරණය කර ඇති අතර ඒ සඳහා හමුදා සහාය ලබාගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.