

සෙනග පිරුණු බස් රථවල යන ඔබට සෞඛ්‍ය අංශවලින් ලැබෙන රතු එළිය
සෙනග පිරුණු බස් රථවලදී කොවිඩ් රෝගය බෝවීම ස්ථිර වශයෙන්ම සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරනවා
රටේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයකට ලක්වනතුරු හැකි තරම් සංචරණ සීමා කරන මෙන්ද ඇය ඉල්ලා සිටිනවා.
ඉදිරි සති කිහිපය දැඩි අවදානමක් පවතින බවයි පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ
පොදු ප්‍රවාහනයේදී ජනතාව සෞඛ්‍ය නීති ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවත් ,අනිවාර්යෙන්ම මුව ආවරණ පැළඳ පොදු ප්‍රවාහන භාවිතයේදී ගමන් කළ යුතු බවත් ඇය සඳහන් කර සිටිනවා