හජ් උත්සවය අදයි

හජ් උත්සවය අදයි

අදට (21) ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවයයි

සෑම වසරකම ලොවපුරා සිටින මුස්ලිම් බැතිමතුන් පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් හජ් උත්සවය සමරනු ලබනවා .

හජ් සමය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සෙනෙහස සහ සමාචාර වතාවත් ඉහළින් පිළිබිඹු කෙරෙන ආධ්‍යාත්මික උළෙලක් .

එය ඉස්ලාම් සමාජය අනාගත පරපුරට සංස්කෘතිය පවරා දෙන සුවිශේෂි කාලපරිච්ජේදයක් ලෙස දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා .

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සියලු ආගම්වලට අයත් ශාස්තෘවරුන් මානව යහපැවත්මට අවශ්‍ය ලෝකාර්ථ ධර්ම පෙන්වා දී තිබෙන බවත් එමඟින් සමාජ සාරාර්ථ ශක්තිමත් කර අන්‍යෝන්‍ය සබඳතා ගොඩනැගීමට ලබා දෙන දායකත්වය වැදගත් බවත්ය

එය ලෝක යහපැවැත්මට සහ අඛණ්ඩතාවට අත්‍යවශ්‍ය සාධකයක් .

ඉස්ලාමීය දහමේ අවසාන ශාස්තෘවරයා ලෙස සැලකෙන මුහම්මද් නබිතුමන්ගේ ජීවිතාදර්ශය අදටත් අනුගමනය කරන ඉස්ලාමීය අනුගාමික සියලු දෙනා අපේක්ෂා කරන දෙලොව ජයග්‍රහණය සහ දිව්‍යමය සමීපතාව උදා කර ගැනීමට මෙම කාලය උපකාරී වනු ඇති

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාසයන්ට පෙර පරිදි කටයුතු කිරීමට යම් සීමාවන් පනවා තිබෙන බවත් ඒ සියලු දෙනාගේ ආරක්ෂාව සහ සමාජ සුභසිද්ධිය පිණිස බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්

ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර මේ ඉස්ලාම් සමය වතාවත්වල නිරතවෙමින් කටයුතු කරන ලෙස සිහිපත් කරන බවත් ශුද්ධ කුරානය සහ මුහම්මද් නබිතුමාගේ ජීවන දර්ශනය අනුව යන ඉස්ලාමීය බැතිමත් ඔබට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඥාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවා යි ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා

 

Share This