

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළකින් හමු වෙයි
කිලිනොච්චිය ප්‍රදේශයේ පන්නන්ගණ්ඩි ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.
රණෙයිමාඩු පොකුණේ සිට කුඹුරුවලට ජලය හරවා යැවීම සඳහා භාවිතා කරන පන්නන්කණ්ඩි ප්‍රදේශයේ ප්‍රධාන ඇළේ තිබී මෙම මළ සිරුර සොයා ගෙන තිබෙනවා.
මෙම සිරුර පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.