

හරීන් පිටව යයි
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පැය 5 ක කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් තිබෙනවා.
පෙරවරු 10.00ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ප්‍රකාශය ලබා දී පස්වරු 3.15 ට පමණ ඉන් පිටව ගියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව කරුණු විමසීම සඳහා ඔහුව කැඳවා තිබුණා.