

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහි චෝදනා ගැන නීතිපති තීරණය
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) ප්‍රකාශ කර තිබෙනවා.
ඒ 2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන්.
එම නඩුවේ 14 වන විත්තිකරු වන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතායි.
චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද පෙරවරුවේ මෙම නඩුව කැඳවනු ලැබුවා.