

හෙට උදෑසන සිට ‘පැය 24ක් ජලය අත්හිටුවන’ ප්‍රදේශ මෙන්න
වත්තල ජල සම්පාදන ක්‍රමය මගින් හැඳල පාලම හරහා ජල නල එළීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (03) පෙරවරු 10 සිට අනිද්දා (04) පෙරවරු 10 දක්වා අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාවහන මණ්ඩලය පවසනවා.
වත්තල මීගමුව පාරේ කොටසක්, මාබෝල ප්‍රදේශයේ කොටසක්,වැලිකඩමුල්ල,හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලු අතුරු මාර්ග,අල්විස් ටවුම,මරදාන පාර,පුවක්වත්ත පාර,ගලගහදුව සහ කෙරවලපිටිය ප්‍රදේශයේ කොටසකට පැය 24ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලාවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.