හෙට වතුර නැති වන ප්‍රදේශ

හෙට වතුර නැති වන ප්‍රදේශ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (26) පෙරවරු 10 සිට පැය විසි හතරක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වත්තල – මීගමුව පාරේ කොටසකට සහ මාබෝල ප්‍රදේශයේ කොටසකට මෙන්ම වැලිකඩමුල්ල, හැඳල පාර – නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ගවලට මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට නියමිතයි.

තවද අල්විස් ටවුම, මරදාන පාර, පුවත්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකටද ජල සැපයුම අත්හිටුවන බව ද ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර හෙට (26) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 9ක කාලයක් ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ ස්ථාන රැසක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ ඇත්ගාල පොම්පාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව ඇත්ගාල නැගෙනහිර, ඇත්ගාල සිංහපුර, ඇත්ගාල ආරාම පාර, ඇත්ගාල ලක්ෂ පිහිල්ල 1 වන පටුමග, 2 වන පටුමග, ඇත්ගාල බංගලාව පාර ජයමාල රීජන්සි ටෙරස්, ජයමාලි පුර 6 වන පටුමග ඉහළ කොටසට එලෙස ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති.

Share This