

ළමා නිවාසයක ළමුන් 23කට කොවිඩ්
මඩකලපුව, කලවන්චිකුඩි පොලිස් වසමේ කළුතාවලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 23කට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ළමා නිවාසයේ ළමුන් 33 දෙනෙකුට සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණවලින් ඒ බව තහවුරු වූ වී ඇති අතර පවතින අවදානම සලකා ළමා නිවාසය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ අනුව එම පිරිස නිරෝධායනයට යොමු කළ බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පවසනවා.
ළමා නිවාසයේ දරුවන් පිරිසකට උණ පැවතීම හේතුවෙන් කලවන්චිකුඩි රෝහලේදී ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී ඔවුන් කොවිඩ් ආසදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.