

ෆේස්බුක් ඔස්සේ හඳුනා ගෙන ‘රන් භාණ්ඩ සොරාගත්’ තරුණියක්
ෆේස්බුක් ඔස්සේ හඳුනා ගෙන නිවසකට ගොස් රන් පළඳනාවක් සහ මාලයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 23 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.
සීදුව ප්‍රදේශයේ තරුණියක් හිතවත්කමට මෙම සැකකාර තරුණිය අවස්ථා දෙකකදී සිය නිවසට ගෙන්වාගෙන ඇති අතර එම අවස්ථා දෙකේ දී ඇය මෙම රන් භාණ්ඩ සොරා සොරාගෙන තිබෙනවා.
නිවැසියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන ඇති අතර අද (02) ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.