

කොලරාඩෝ ප්‍රාන්තයේ වෙඩි තබා 10ක් මරා දමයි -වෙඩි තැබීම සජීවීව විකාශය කරලා(VIDEO)
එක්සත් ජනපද කොලරාඩෝ ප්‍රාන්තයේ සිල්ලර වෙළඳසැලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා
තුවක්කුකරුවෙකු පොලිස් නිලධාරියෙකු ඇතුළු 10 දෙනෙකු එහිදී ඝාතනය කර තිබෙන බවයි වාර්තා වන්නේ
මෙම වෙළඳසැලේ රැඳී සිටි තුවාල ලැබූ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙම වෙඩි තැබීම කිසියම් පුද්ගලයෙකු විසින් සජීවීව යූ ටියුබ් ඔස්සේ විකාශය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා