

මියන්මාර හමුදා දිනයට එරෙහි වූ වැසියන් 114ක් වෙඩි තබා මරා දමලා
ඊයේ (27) දින මියන්මාරයේ හමුදා දිනය සැමරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර එම අවස්ථාවේද විරෝධතා සඳහා එක්ව සිටි මියන්මාර වැසියන් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 114 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මියන්මාරයේ හමුදා දිනය වෙනුවෙන් ඊයේ එරට ආරක්ෂක අංශ විශේෂ රථ පෙළපාලියක් පැවැත්වූ අතර මේ අවස්ථාවේදී මියන්මාර වැසියන් හමුදා පාලනයට එරෙහිව දැඩි විරෝධතා දියත් කර තිබුණා.
එහිදී මියන්මාර හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඊයේ දිනයේ පමණක් 114 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය පෙබරවාරි පළමු වැනිදා සිට මේ දක්වා මියන්මාරයේ පැවැති විරෝධතා මාලාව අතරතුර උද්ඝෝෂකයින්ට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් දිනකදී මියගිය වැඩිම පිරිස මෙය බව විදෙස් මාධ්‍ය පවසනවා.