

අකුණු ගසන විට ගසක් යටට වී සිටි 4කට වෙච්ච දෙයක් (VIDEO)
වර්ෂා සහිත කාලගුණ තත්ත්වයකදී ඉන්දියාවේ උද්‍යානයක ගසක් යටට වී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මතට අකුණු සැරයක් පතිත වීමෙන් ඔවුන් රෝහල් ගත කර තිබෙනවා.
මෙම සිදුවීම සිදු වූයේ වතිකා ඉන්දියා නෙක්ස්ට් නේවාසික නගරයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සිව්දෙනා නේවාසික නගර උද්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි අයවළුන්ය.
ඔවුන් ශිව් දත් (43), ලාලි (32), අනිල් කුමාර් (32), රාම් ප්‍රසාද් (38) යන අයයි.
තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර ප්‍රසාද්ගේ තත්වය අසාධ්‍ය බවයි වාර්තා වන්නේ.
අකුණු සැර වැදීමෙන් පසු ඔවුන් බිම වැටෙන අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.