රාජ්‍ය සේවකයන් අද සිට සේවයට කැඳවන ආකාරය

රාජ්‍ය සේවකයන් අද සිට සේවයට කැඳවන ආකාරය

සෞඛ්‍ය උපදෙස් වලට අනුව අද (02) සිට රාජ්‍ය සේවය යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවති සීමිත පිරිසක් ගෙන්වා රාජකාරි කටයුතු කිරීම සහ නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම සඳහා නිකුත් කළ චක්‍රලේඛ අවලංගු වනවා.

එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ රාජ්‍ය නිලධාරින් බහුතරයක් එන්නත්කරණයට ලක් කර ඇති බැවින්, රජයේ කාර්යන් බිඳ වැටීමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රමුඛතාවය දිය යුතු බවට ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ උපදෙස් අනුව අදාළ චක්‍ර‍ලේඛය නිකුත් කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළා.

Share This