

වසර 900කට පසු අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යයි (VIDEO)
වසර 900 කට පසු පළමු වරට අයිස්ලන්ත ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අයිස්ලන්තයේ අගනුවර වන රේක්ජාවික් සිට සැතපුම් 25 ක් පමණ රයික්ජේනස් අර්ධද්වීපයේ කන්දක් වන ෆැග්‍රාඩල්ස්ෆෝල් අසල මෙලෙස පුපුරා ගොස් තිබෙනවා.
එමෙන්ම එම ප්‍රදේශය ජනාවාස වී නොමැති අතර පුපුරා යාමෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.