

බිරිය සමඟ මාස්ක් නැතුව බයික් පැද්ද විවේක්ට වෙච්ච දෙයක්
පසුගියදා පැවති ආදරවන්තයින්ගේ දිනය දා ඉන්දීය නළු විවේක් ඔබ්රෝයි සිය බිරිඳ සමඟ හිස්වැසුම් සහ මුව ආවරණ නොමැතිව මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ යතුරු පැදියක ගමන් ගන්නා ආකාරය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ කොරෝනා වෛරසය ඉහළ යාමත් මුව ආවරණ නීතිය උල්ලංඝනය කරනන් හට එරෙහිව නඩු පවරන ලෙස නගර පරිපාලනය බ්‍රහස්පතින්දා අනතුරු අඟවා තිබුණා.
කෙසේ වුවද එම වීඩියෝව හේතුවෙන් ඔවුන්ට විරුද්ධව පුද්ගලයෙකු විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ල විභාගයට ගත් අධිකරණය මඟින් ඔවුන් හෙල්මට් පැළඳ නොසිටීම හේතුවෙන් ඩොලර් 500 ක දඩයක් ද නියම කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
https://t.co/lUzdbP55co
What a start of this lovely valentine’s day with Main, Meri patni aur woh! A refreshing joyride indeed!
.
.
.@harleydavidson#WohAaGayi #HarleyDavidson #valentinespecial #loveforbikes #bikesofinstagram #loveandwheels#vroomValentine pic.twitter.com/THXrBllOVi— Vivek Anand Oberoi (@vivekoberoi) February 14, 2021