එංගලන්ත රජ පවුල  දෙදරයි..තත්ත්වය ව්‍යාකූලයි.. කුමරියකගේ කඳුළු රජ ගෙදර රිදවයි   (VIDEO)

එංගලන්ත රජ පවුල දෙදරයි..තත්ත්වය ව්‍යාකූලයි.. කුමරියකගේ කඳුළු රජ ගෙදර රිදවයි (VIDEO)

ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් තමන් සියදිවි හානිකර ගැනීම ගැනත් සිතා බලමින් සිටි බවට හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මේකල් මහත්මිය ඇමරිකානු රූපවාහිනී සේවයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශය නිසා එංගලන්ත රජ පවුල අර්බුදයකට ලක්ව සිටිනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ රජ පවුල තුළ විශාල ව්‍යාකූලත්වයක් මතු වෙමින් ඇති බවයි.

ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් දින කිහිපයක සිටම විවාද සම්පන්න සාකච්ඡා ඇතිවී තිබූ අතර එය විකාශය වූයේ ඉරිදා රාත්‍රියේදීයි.

මේගන් කියා සිටියේ ඇගේ නූපන් පුතාගේ සමේ පැහැය පිළිබඳව ද රජ පවුලේ උදවිය නිල වශයෙන් සැලකිලිමත් වූ බවයි.

හැරී කුමරුන්ගේ බිරිඳ, මේගන් මේකල්, ඇමරිකානු ජාතික කාන්තාවක් වන අතර ඇයගේ පියා සුදු ජාතිකයකු වන නමුත් මව කළු ජාතික කාන්තාවකි.

සුප්‍රකට මාධ්‍යවේදිනියක වන ඔපාරා වින්ෆ්රි සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේගන් මේකල් කළ ප්‍රකාශයන් හේතුවෙන් එංගලන්ත රජ පවුලේ අභිමානය දෙදරා ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

“මට … තවදුරටත් ජීවත් වෙන්න වුවමනාවක් තිබුණේ නෑ. එය ඉතා පැහැදිලිවම, සැබෑ ලෙසින් බිය උපදවන නිරන්තර සිතුවිල්ලක් වුණා” ඇය වින්ෆ්රිට පැවසුවා.

ඇයට සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවූයේ යයිද ඇසූ විට මේගන් පිළිතුරු දුන්නේ “ඔව්… එය ඉතා පැහැදිලියි” යනුවෙනුයි.

Share This