මතභේදාත්මක තීරණයෙන් පසු ධනුෂ්ක හමු වූ පොලාර්ඩ්

මතභේදාත්මක තීරණයෙන් පසු ධනුෂ්ක හමු වූ පොලාර්ඩ්

පිටියේ පන්දු රකින ක්‍රීඩකයින්ට බාධා කළ බව පවසමින් (Obstructing the field) හැමෝම පුදුම කරවූ තීන්දුවකින් පසු පිටියෙන් ඉවත්වීමට ධනුෂ්ක ගුණතිලකට ඊයේ තරගයේදී සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව්වන්ට එරෙහි පළමු තරගයේදී කඩුලු 8ක පරාජයක් අත්වූ අතර ධනුෂ්කගේ ඉවත්වීම ශ්‍රී ලංකා ඉනිමේ පසුබෑමට ප්‍රබල හේතුවක් බවට පත්වුනා

දුවද්දී දැවී යාමකට බාධා කළේයැයි පවසමික් කොදෙව් නායක කිරන් පොලාර්ඩ් සිදු කළ ප්‍රබල ඉල්ලීම තුන්වන විනිසුරුට යොමු කිරීමෙන් අනතුරුව ධනුෂ්කට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

හිටපු කොදෙව් නායක ඩැරන් සැමී සහ ටොම් මූඩි සිය ට්විටර් ගිණුම්වල සටහන් කර තිබුණේ මෙම තීන්දුව නිසා කම්පනයට පත් වූ බවය.

එවැනි පසුබිමක් තුළ තරගය අවසාන වීමෙන් අනතුරුව කොදෙව් නායක කිරන් පොලාර්ඩ් ධනුෂ්ක ගුණතිලක හමු වී තිබෙනවා.

මෙම හමුවේ ඡායාරූප කොදෙව් නිල ෆේස්බුක් පිටුව තුළ පලකර තිබෙනවා. ඔවුන් දෙදෙනා ඉතා සමීපව සිය සාකච්ඡාව සිදුකළ අයුරු මෙහි දැකගත හැකිය.

Share This