

තරගාවලියේ පරාජය ගැන මහේල තැබූ සටහන
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණු තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව තරගාවලියේ ජය 3-0 වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ලබාගත්තා.
මෙම තරගය පිළිබඳව මහේල ජයවර්ධන තම ට්ව්ටර් ගිණුමේ සටහනක් යොදා තිබුණා.
එහිදී ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සුබ පතා තිබුණු අතර අප කණ්ඩායම ක්‍රීඩා සැලැස්ම වඩා හොඳින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් තව බොහෝ සේ වෙහෙස වැඩ කළ යුතු බවත් පෙන්වා දී තිබුණා.
ඊයේ දිනයේදී ඉදිරිපෙළ ක්‍රීඩකයින් ලබාගත් ශතකය තරගයට බලපෑ බව එම සටහනේ සඳහන්.
Congratulations #WI on a series win. Difference was top order batsman getting 100’s. @OfficialSLC needs to execute game plan better. Exited with the addition of few new players. Lot more hard work to be done…
— Mahela Jayawardena (@MahelaJay) March 15, 2021