

1996 ක්රිකට් කිරුළ දිනුවේ හුදෙක් කණ්ඩායමේ කැපවීමෙන් පමණක්ම නොවේ – මහානාම වසර 25කට පසු කියන කතාව
උත්හසාය, කැපවීම සහ අධිෂ්ඨානය මතින් ජයගත නොහැකි සිහිනයක් නොමැති බව අදට වසර 25කට පෙර ක්රිකට් ලෝක කුසලානය ජයගත් කණ්ඩායමේ සාමාජිකයෙකු වන රොෂාන් මහානාම මහතා පවසනවා.
ෆේස්බුක් සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ 1996 වසරේ අමරණීය ජයග්රහණය හිමිකරගනු ලැබුවේ හුදෙක් ජාතික ක්රිකට් කණ්ඩායමේ කැපවීමෙන් පමණක් නොව ලොව පුරා සිටින මිලියන 20කට අධික රටට සහ ක්රීඩාවට ඇළුම් කරන සිංහ පෝතකයින්ගේ බලාපොරොත්තු සහ ආශිර්වාද නිසා බවයි.
ක්රිකට් පිටියේ විශිෂ්ඨම පන්දු රකින්නා බවට පත්වූ රොෂාන් මහානාම තැබූ එම සටහන පහතින් දැක්වෙනවා.