ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරගයට

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරගයට

ඉන්දියාවේදී පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමට කඩුලු 8 ක ජයක් හිමිවුණා.

තරගය දකුණු අප්‍රිකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමඟ පැවති අතර තරගයට පළමුවෙන් පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියළුදෙනා දැවී ලකුණු 125 ක් රැස්කළා.
පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුළු 5 ක් බිද හෙළුවා.

ලකුණු 126 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 17 පන්දු 2 ක් තුළ කඩුළු 2 ක් පමණක් දැවී ලකුණු 129 ක් ලබා තරගය ජය ගත්තා.

උපුල් තරංග නොදැවී ලකුණු 39 ක් රැස් කළ අතර චින්තක ජයසිංහ නොදැවී ලකුණු 47 ක් රැස්කළා.

ඊට අමතරව සනත් ජයසූරිය සහ ටී එම් ඩිල්ෂාන් ලකුණු 18 බැඟින් ලබාගත්තා.

ඒ අනුව ශ්‍රි ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

අවසන් මහා තරගය ලබන ඉරිදා ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිතයි.

Share This