

ඩිල්ෂාන්ගේ අභ්‍යන්තර ලේ වහනයක් – ලෙජන්ඩ්ස් තරග බිමේ සිටියේත් අසනීපයෙන් (VIDEO)
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී .එම් ඩිල්ශාන් අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් එම්.ආර්.අයි.ස්කෑන් පරීක්ෂණයකට භාජනය වී ඇති බව වාර්තා වනවා.
ලෙජන්ඩ්ස් තරගාවලියම ඩිල්ෂාන් ක්‍රීඩා කොට ඇත්තේ ද මෙම ආබාධය සහිතව බවයි වාර්තා වන්නේ.
මෙම ආබාධය තෙවන තරගය වන විට උත්සන්න වී ඇති අතර වේදනා නාශක ලබා ගනිමින් ඩිල්ෂාන් මුළු තරගාවලියම ක්‍රීඩා කොට තිබෙනවා.
මේ සම්බන්ධයෙන් liveat8.lk වෙබ් අඩවියට ඕස්ට්‍රේලියාවේ සිට අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ මංජුලා තිලිණි සඳහන් කළේ එම තරගාවලිය සඳහා අසනීප තත්ත්වයක් තිබියදීත් ඩිල්ෂාන් සහභාගී වූයේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දැඩි අභිලාශය නිසා බවයි.