සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කසාද තහනම්

සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කසාද තහනම්

සවුදි අරාබි පිරිමින්ට පකිස්තානය ,බංගලාදේශය, මියන්මාරය සහ චැඩ් යන රටවල කාන්තාවන් විවාහ කර ගැනීම තහනම් කර තිබෙනවා. දැනටමත් අදාළ රටවල කාන්තාවන් ලක්ෂ පහක් පමණ සෞදි අරාබියේ නේවාසිකව සිටීම මීට අදාළ ප්‍රධාන හේතුව,බව Daily Mirror වෙබ් අඩවිය වාර්තා කරනවා.

සෞදි අරාබි පිරිමින් විදෙස් කාන්තාවන් විවාහ කරගැනීම අධෛර්යමත් කිරීම ද මෙම තහනමෙහි තවත් අරමුණක් බව සදහන්.

අධිකරණ අවසරයක් ලබා ගැනීම ඇතුළු නීතිරීති රැසකට යටත්ව විදේශ රටවල කාන්තාවන් විවාහ කරගැනීමට සෞදි අරාබියේ පිරිමින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත්, නව තහනම හේතුවෙන් කිසිදු හේතුවක් මත අදාළ රටවල් හතරේ කාන්තාවන් විවාහ කර ගැනීමට සෞදි පිරිමින්ට අවස්ථාව නොලැබෙන බව සදහන්.

Share This