බ්‍රසීලයේ ශ්වසන යන්ත්‍ර සවිකර සිටි රෝගීන් ඉවත් කිරීමට සූදානමක්

බ්‍රසීලයේ ශ්වසන යන්ත්‍ර සවිකර සිටි රෝගීන් ඉවත් කිරීමට සූදානමක්

බ්‍රසීලයේ රෝහල්වල කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර සවිකර සිටි රෝගීන් වැඩි පිරිසක් ඉන් ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වනවා.

ඒ අදාළ රෝහල් රෝගීන්ගෙන් පිරීයාම සහ ප්‍රතිකාර සේවා සදහා අවශ්‍ය සැපයුම් හිඟවීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය ආරම්භ වූ දින සිට මේ දක්වා බ්‍රසීලයේ වැඩිම මරණ අනුපාතය පසුගිය සතියේ දක්නට ලැබුණු අතර, දෛනික මරණ නිතිපතා 2000 ඉක්මවා ගොස් මාර්තු 16 වනදා වාර්තාගත ඉහළම අගය 2841 ක් වූ බව සඳහන්.

Share This