320කට අධික පිරිසක් ඝාතනය කර ඇති මොහොතක මියන්මාර හමුදා පාලකයා ප්‍රජාතන්ත්‍රවාදය ගැන දුන් පොරොන්දුව

320කට අධික පිරිසක් ඝාතනය කර ඇති මොහොතක මියන්මාර හමුදා පාලකයා ප්‍රජාතන්ත්‍රවාදය ගැන දුන් පොරොන්දුව

මියන්මාර හමුදා නායකයා “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට” පොරොන්දු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සන්නද්ධ හමුදා දිනය නිමිත්තෙන් එරට ජාතික රූපවාහිනියෙන් කතා කරමින් මින් අවුන්ග් හේලින්ග් නැවතත් මැතිවරණයක් පොරොන්දු වී ඇති අතර ඒ සඳහා දිනයක් ලබා නොදුන් බවයි වාර්තා වන්නේ.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු ඇති වූ විරෝධතා මැඩලීමට මේ වන විට පුද්ගලයින් 320 කට වැඩි පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇති බවත් එවන් මොහොතක හමුදා ප්‍රධානියා දුන් මෙම පොරොන්දුව පිළිබඳව කාගේත් අවධානය යොමුව තිබෙන බවත් විදෙස් මාධ්‍යයේ සඳහන්.

Share This