

සූවස් ඇළේ සිරවූ නැව යාත්‍රා කරවන්න තවත් ක්‍රමයක් අත්හදා බලයි (VIDEO)
සූවස් ඇළ අවහිර කරමින් අක්‍රිය වූ දැවැන්ත බහාලුම් නෞකාව යළි දියඹට එක් කිරීම සඳහා නව උත්සාහයක් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර භාවිතා කළ ටග් යාත්‍රා උපයෝගී කරගනිමින් නෞකාව මුදාගැනීමට උත්සාහ කර තිබෙනවා.
එමෙන්ම අද දිනයේදීද තවත් ටග් යාත්‍රා එක්වී නෞකාව මුදාගැනීමට උත්සාහ කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්නවා දෙන්නේ.
එවර් ගිවන් නමැති මෙම නෞකාව සූවස් ඇළ අවහිර කරමින් පසුගිය අඟහරුවාදා අක්‍රිය වීමත් සමඟ මේව වන විට නෞකා 350 කට අධික සංඛ්‍යාවක් ඇළ දෙපස පෙළ ගැසී ඇති බව සඳහන්.
නෞකාවේ ඉදිරි කොටස සිරවී ඇති වැලි ටොන් 20,000ක් පමණ ඉවත් කරගත් අතර, නෞකාවේ භාණ්ඩ නොමැති විට බර රඳවාගැනීමට පුරවා තිබූ ජලය ටොන් 9,000 ක්ද ඉවත් කර තිබෙනවා.
නමුත් තවමත් නැව මුදා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.
දැන් ක්‍රියාත්මක උත්සාහය අසාර්ථක වුවහොත් මීළඟ පියවර වන්නේ නෞකාවේ බහාලුම් යම් ප්‍රමාණයක් ඉවත් කර එය සැහැල්ලු කිරීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
https://twitter.com/i/status/1375897509302824962
v